2007 සැප්තැම්බර් 26 වන දින පාදුක්කේ, නාච්චිමලේ දී WSG පාදක වැඩසටහන පැවැත්වුනා. පාදක වැඩසටහන්වල අරමුණ වන්නේ සාමාජිකයන්ට විවේකයක් ලබා දීමත්, ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කිරීමත් ය. මෙය සාමාන්‍යයෙන් වාර්ෂිකව පැවැත්වෙන වැඩසටහනක් වුවත් වසර කිහිපයකින් පාදක වැඩසටහනක් පැවැත්වීමට WSG හට නොහැකි වී තිබුනා. මෙම සංචාරයට සාමාජිකයින් 11 දෙනෙකු සහභාගි වුනා. එහිදී සුපුරුදු පරිදි අනාගත WSG වැඩ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඇළ දොළවල නාමින් විනෝද වන්නට අවස්ථාවක් ද සාමාජිකයන්ට ලැබුනා. තනිකරම කාන්තා කණ්ඩායමක් වූ නිසා අසල සිටි පිරිමින්ගෙන් යම් යම් කරදරවලට ලක් වීමට ලක් වුවත්, ඔවුන් එහි විනෝදයෙන් කාලය ගත කළ බව සංවේදිනි පුවත්ලිපියේ 12 කලාපය සඳහන් කරනවා.
