කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් “සාමය සහ ප්රජාතන්ත්රවාදය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන්” සන්ධානය වෙනුවෙන් ‘සාමයේ මාසය’ පුරා සංවිධානය කළ දෛනික විරෝධතාවයන්ට WSG ද සහභාගි වූවා. මෙම විරෝධතා මාලාවේ පළමු වැන්න පෙබරවාරි 1 වන දින ප.ව. 12.30 සිට ප.ව. 1.00 දක්වා පැවැත්වුනා.
2006 වසරේ පෙබරවාරි මාසය සිවිල් සමාජ කණ්ඩායම්වල පුළුල් සන්ධානයක් විසින් සාමයේ මාසය ලෙස ප්‍රකාශයට පත් කර තිබුනු අතර, මෙය පැවැත්වුනේ එයට සමගාමීවයි.
විරෝධතාකරුවන් විසින් පෙබරවාරි මාසය පුරාම ‘යුද්ධය නොවේ සාමය’ ‘PEACE NOT WAR’ සහ ‘මරණය නොවේ ජීවිතය’ ‘LIFE NOT DEATH’ යන සටන් පාඨ කියමින් විරෝධතා පවත්වා තිබෙන අතර, WSG සාමාජිකයින් මෙම මාසය තුළ සෑම බදාදා දිනකම විරෝධතාවයට එක්ව තිබෙනවා.