දකුණු-දකුණු ව්‍යාපාරය ගොඩනැගීම සහ ලිංගික සහ ප්‍රජනක අයිතිවාසිකම් ගැන උපාය මාර්ගික සාකච්ඡාවක්

දකුණු-දකුණු ව්‍යාපාරය ගොඩනැගීම සහ ලිංගික සහ ප්‍රජනක අයිතිවාසිකම් ගැන උපාය මාර්ගික සාකච්ඡාවක් නව දිල්ලියේ දී පැවැත්වුනා. මේ සාකච්ඡාව දකුණු ආසියානු සංවිධාන පහක් විසින් නව දිල්ලියේ අන්තර් දක්ෂිණ සංවාද හි කොටසක් ලෙස පැවැති මෙම සංවාදවල දකුණු ආසියානු ලතින් ඇමෙරිකානු රටවල ලිංගික අයිතිවාසිකම් ගැන උපාය මාර්ග ගැන කතා කෙරෙන ඒවාට WSG සාමාජිකයන් දෙදෙනෙකු සහභාගි වුනා. මෙම සංවාදවලට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලින් බොහෝ දෙනෙක් ද, පේරු, සහ චිලී ආදී ලතින් ඇමෙරිකානු රටවලින් සිව් දෙනෙකු ද ඇතුළුව කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් පැමිණ සිටියා. 

 

මෙම දිනයේ සාකච්ඡාවට බඳුන් වූ වැදගත්ම මාතෘකාව වූයේ ලිංගික අයිතිවාසිකම් සහ ප්‍රජනක අයිතිවාසිකම් පිළිබඳ අන්තර්-ඇමරිකානු සම්මුතියයි. 1998 දී අදහසක් ලෙස ආරම්භ වූ මෙම සම්මුතිය, CLADEM (විවිධ අයිතිවාසිකම් පදනම් කරගත් කණ්ඩායම් අතර සන්ධානයක්) විසින් ඒ සඳහා වන සමාජ ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස වෙනත් විවිධ සංවිධානවලට ද ආරාධනා කර 2005 වසර වන විට දකුණු ඇමරිකානු කලාපයේ රටවල් 14 ක් දක්වා මෙය පුළුල් වී තිබෙනවා. 

 

 ලිංගික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අතිරේක ගැටළු නොව ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක අනිවාර්ය අංගයක් වන අයිතිවාසිකම් බව සහතික කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණයි. එබැවින්, එය ස්ත්‍රීවාදී ව්‍යාපාරය, කාන්තා ව්‍යාපාරය, තරුණ ව්‍යාපාරය, GLBTT ව්‍යාපාරය, අප්‍රිකානු සම්භවයක් සහිත අයගේ කාන්තා ව්‍යාපාරය, ආදිවාසී කාන්තා ව්‍යාපාරය, මානව හිමිකම් ව්‍යාපාරය සහ එච්අයිවී/ඒඩ්ස් ව්‍යාපාරය වැනි විවිධ ව්‍යාපාර සමඟ සන්ධාන ගොඩනඟා ගෙන තිබෙනවා

ගබ්සා අයිතිවාසිකම් සහ ලිංගික අයිතිවාසිකම් ව්‍යාපාරවල ප්‍රගතිය පිළිබඳව ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවලින් ඉදිරිපත් කිරීම් සිදු වූ අතර, මෙම ඉදිරිපත් කිරීම්වලින් පැහැදිලි වූයේ කලාපය තුළ නේපාලය ඒ වන විට වඩාත්ම ප්‍රගතිශීලී තත්ත්වයක සිටින බවත්, නීතිමය විධිවිධාන මගින් ගබ්සාවට අවසර දී ඇති බවත්, සහ එමඟින් සියලුම පසුබිම්වල කාන්තාවන්ට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ගබ්සා කිරීම් ලබා ගත හැකි බවයි. 

මෙහිදී ඉන්දියාව, නේපාලය, සහ ශ්‍රී ලංකාව රටවල් තුනේ ක්‍රියාකාරීන් තිදෙනෙක් විසින් දකුණු ආසියානු කලාපයේ එක් එක් රටවල ලිංගික අයිතිවාසිකම් තත්වය සහ අභියෝග ගැන කතා කර ඇති අතර, ශ්‍රී ලංකාවේ තත්වය ගැන මෙහිදී අදහස් දක්වා ඇත්තේ WSG සාමාජිකාවක් විසිනුයි. මෙම ඉදිරිපත් කිරීම්වල දී තමන්ට බාහිර සමාජයෙන් වෙන හිරිහැර ගැන මෙන්ම, කාන්තා සහ මානව හිමිකම් ව්‍යාපාර තුළ වෙනස්කම් කිරීම සහ නොසලකා හැරීම්, නීතිමය ගැටළු සහ තවත් බොහෝ අත්දැකීම් ඉදිරිපත් කර තිබෙනවා.

දින තුන පුරාවට පැවැති මෙම සාකච්ඡා මාලාවේ විවිධ ඉදිරිපත් කිරීම්, සාකච්ඡා සහ සංවාද ගණනාවක් සිදු කර තිබෙනවා. 

මෙම අවස්ථාව යොදා ගනිමින් WSG සාමාජිකයින් ඉන්දියාවේ අනෙකුත් LGBT ක්‍රියාකාරීන් හමුවීමට ද කටයුතු කර තිබෙනවා. PRISM නම් ලිංගික අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන කණ්ඩායමක් සමග මෙහිදී හමු වී අදහස් සහ අත්දැකීම් බෙදා හදා ගෙන තිබෙනවා. ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ කටයුතු කරන LGBT කණ්ඩායමක් වන අංජුමන්හි සාමාජිකයින් දෙදෙනෙකු ද මෙම කණ්ඩායමේ සිට තිබෙනවා. අනතුරුව නවදිල්ලියේ පිහිටි LBT කාන්තාවන්ට සහාය සපයන කණ්ඩායමක් වන සංගිනි හි සාමාජිකයින් ද හමු වී, කණ්ඩායම් දෙකම මුහුණ දෙන පොදු අභියෝග ගැන අත්දැකීම් බෙදා හදා ගෙන තිබෙනවා. 

Scroll to Top