
2004 වසරේ අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වුනු අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වී නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ රජය බහුතරය දිනා ගත්තා. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පළමු වරට පත් වෙන්නේ එයින් අනතුරුවයි. ඉන් පසුව 2005 නොවැම්බර් 17 වැනිදා රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වන ජනාධිපතිවරණය පැවැතුනා. මේ දේශපාලන සන්දර්භය තුළ WSG විසින් ‘පාවෙන ඡන්ද’ (‘FLoating Votes’) යනුවෙන් කැම්පේන් එකක් සිදු කළ අතර මෙහි කොටසක් ලෙස ‘අපේ රටේ කොන් වෙන සමාජය වෙනුවෙන් කතා කරන්නේ කවුද?’ යනුවෙන් පුවත්පත් දැන්වීමක් පළ කළ අතර එච්අයිවී ඒඩ්ස් සමග ජීවත් වෙන්නන්, ලිංගික වෘත්තිකයන්, සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ගැන කතා කරන ලෙස දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියා.