
2003 අගෝස්තු 22-23 දිනවල, WSG මහියංගණයේ කාන්තා සංවිධාන සාමාජිකයන් සඳහා වැඩමුළුවක් පැවැත් වූ අතර මේ සඳහා ගලේයාය දිරිය කතුන් සංවිධානය, දහතුනේ කණුව කතුන් සංවිධානය, බිම් තැන්නේ කාන්තා පෙරමුණ ආදී විවිධ සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් 26 දෙනෙකු සහභාගි වුනා. ලිංගික අයිතිවාසිකම් සහ ලිංගික සෞඛ්‍යය ගැන මෙන්ම, විවිධ සංවිධාන සමග ජාලගත වීම ගැන සැසියක් ද මෙහිදී පැවැත්වූවා. ජාලගත වීම සම්බන්ධ සැසිය පැවැත්වීමට WSG සමග වැඩ කළ ඕස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයකු දායක වී තිබෙනවා. වැඩමුළුවේ පළමු දිනයේ දී ලෙස්බියන්, ද්විලිංගික, සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැනත්, දෙවන දිනයේ දී පුජනක සෞඛ්‍යය, සහ ලිංගිකව බෝවන රෝග ගැනත් වැඩි අවධානය යොමු කර තිබෙනවා.