අන්තර් සංවිධාන වැඩමුළුව

2003 මැයි මාසයේ දී, කාන්තාවන්ගේ ලිංගිකත්වය, ප්‍රජනක අයිතිවාසිකම්, සහ සෞඛ්‍යය යන තේමාව යටතේ WSG සංවිධානය කළ දෙවන අන්තර්-සංවිධාන වැඩමුළුව කොළඹ CENWOR ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා.  

 

 මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම් සහ මානසික සෞඛ්‍යය ආදී ක්ෂේත්‍ර ගණනකට අයිති සංවිධාන 15කට වැඩි ගණනක් නියෝජනය කරමින්, 40 දෙනෙකුට වැඩි පිරිසක් මෙයට සහභාගි වුනා.

 

කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ හැඳින්වීමකින් වැඩමුළුව ආරම්භ වූවා. ඉන්පසු වෛද්‍ය මල්ලිකා ගණසිංහ විසින් HIV/AIDS සහ කාන්තාවන් සහ එය ඔවුන්ගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳ දේශනයක් පැවැත්වූවා. ඉන්පසු සහභාගී වූවන් සහ ඔවුන්ගේ සංවිධාන සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ කෙටි විස්තරයක් සමඟින් හැඳින්වීමක් සිදු කළා. නියෝජනය කළ සංවිධාන අතරට කාන්තා හා මාධ්‍ය සාමූහිකය,Home for Human Rights, කාන්තා ශක්ති, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සර්වෝදය, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ, ජනවාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය, Women in Need, WTPSP, ඇමරිකානු සහයෝගිතා මධ්‍යස්ථානය, ගමන්මගේ සහකරුවෝ, කාන්තා මධ්‍යස්ථානය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, ඉන්ෆෝම්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදයේ වෙල්ස්ලි විද්‍යාලය සහ ප්‍රජා සංවර්ධන සේවා (CDS) ආයතන ඇතුළත් වුනා. ඉන්පසු සුනිලා අබේසේකර විසින් “කාන්තා ලිංගිකත්වය – ඓතිහාසික ඉදිරිදර්ශනයක්” මැයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ අතර,  සහභාගිවන්නන් ඉතා උනන්දුවෙන් ප්‍රශ්න සහ අදහස් ඉදිරිපත් කළ මෙම සැසිය ඉතා සිත්ගන්නාසුළු හා සජීවී සාකච්ඡාවක් වූවා. ඉන්පසු එමිලි පෝල් “ජැමෙයිකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලිංගිකත්වය ගැන සමාන්තර ගැටළු” ගැන ඉදිරිපත් කිරීමක් සිදු කළා. LGBTQ අනන්‍යතා ගැන පැහැදිලි කිරීමක් ද මෙහි දී සිදු කළ අතර සහභාගි වූ බොහෝ දෙනා එම අනන්‍යතා ගැන හරිහැටි දැන සිටියේ නැහැ.  සිදුවූ සාකච්ඡාවල දී අයිතිවාසිකම් ගැන කටයුතු කරන සංවිධාන තමන් වැඩ කරන ප්‍රජාවන්ට අදාළව ලිංගිකත්වය ගැන සාකච්ඡාව ගෙන ඒමේ වැදගත්කම ගැනත්, අනාගතයේ අන්තර්-සංවිධාන අවස්ථාවන් තවදුරටත්  ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැනත්, මානසික සෞඛ්‍ය වෘත්තිකයන් අතර ලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින පරස්පර විරෝධී අදහස් ගැනත්, මෙහිදී කතා වුනා. 

 

https://web.archive.org/web/20031112103610/http://www.wsgsrilanka.org/projects/ioe/index2.html  

 

අන්තර්-සංවිධාන වැඩමුළු තුනක් මෙම වසරේ තිබී ඇති අතර, ඒවායෙන් අප සතුව නිශ්චිතව තොරතුරු ඇත්තේ මේ වැඩමුළුව ගැන පමණයි. එසේ වුවත් අයවැය වාර්තාවල සහ වාර්ෂික සැලසුමේ අන්තර්-සංවිධාන වැඩමුළු තුනක් ගැන සඳහන් වෙනවා. 

Scroll to Top