2001 දෙසැම්බර් හෝ 2002 වසර මුල කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම තමන්ගේම කාර්යාලයක් කොල්ලුපිටියේ චෙල්සි උද්‍යානයේ ආරම්භ කළා.

1999 දී WSG ආයතනය සිය කටයුතු ආරම්භ කළේ උද්‍යාන මාවතේ පිහිටි COJ කාර්යාලය පදනම් කර ගෙනයි. ඉන් අනතුරුව COJ ආයතනයේ කොළඹ 06, හැව්ලොක් පාරේ පිහිටි කාර්යාලයක තවත් වසරක පමණ කාලයක් සිට තිබෙනවා. WSG ආයතනය සඳහා ගොඩවැදීමේ මධ්‍යස්ථානයක් ඔවුන්ගේ කාර්යාලය තුළම ආරම්භ කළා. WSG කාර්යාලය තුළ පුස්තකාලයක් 2000 වසරේ සිටම ක්‍රියාත්මක වූ අතර එයද මෙම නව කාර්යාලයේ අඩංගු වූවා.
ඉහත දැක්වෙන්නේ කාන්තා ගෝලීය අරමුදලෙන් අරමුදල් ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍රයකින් කොටසක් වන අතර මෙය 2002 වසරේ ජූලී මාසයේ ඉදිරිපත් කළ එකකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ WSG ආයතනය යනු තනි නායකත්වයක් සහිත ආයතනයක් නොව ප්‍රධාන සාමාජිකයන් කණ්ඩායමක් විසින් සාමූහිකව තීරණ ගත් ආයතනයක් බව සඳහන් කර තිබීමයි. එසේම මෙහි ලිපිනය ලෙස WSG ආයතනයේ පළමු කාර්යාලය තිබූ කොල්ලුපිටියේ ලිපිනය සඳහන් කර ඇති අතර, WSG ආයතනයේ නම සමග ගමන් මගේ සහකරුවෝ ආයතනය සඳහන් නොකිරීම තුලින් පෙනෙන්නේ මේ කාලය වන විට එය තවදුරටත් COJ හා අනුබද්ධ නොවන ස්වාධීන ආයතනයක් බවට පත්ව ඇති බවයි. මුල් අවුරුදුවල WSG භාවිතා කළ නම වූයේ ගමන් මගේ සහකරුවෝ- කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම (Women’s Support Group of Companions on a Journey) යන්නයි.