එච්. අයි. වී. ඒඩ්ස් පිලිබඳව ඇඟලුම් සේවිකාවන් දැනුවත් කිරීම

2000 ජූලිඅගෝස්තු මාසවල දී  කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් එච්. අයි. වී. ඒඩ්ස් පිලිබඳව ඇඟලුම් සේවිකාවන් දැනුවත් කළා. ඒ ගැන සංවේදීනි පුවත්ලිපියේ මෙසේ සඳහන් වෙනවා. 

 

“ගමන්මගේ සහකරුවෝ සංවිධානයට අනුබද්ධිත කාන්තා ක්‍රියාකාරි කමිටුව විසින් ලිංගික සෞඛ්‍ය පිලිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය වැඩ සටහන් මාලාවක් ආරම්භ කර ඇත.එම වැඩසටහන් මාලාවේ මූලික වැඩමුළුව පසුගිය ජූලි මස 22 දින හගුරන්කෙත දියතිලක – ඇපරල් ආයතනයේ පැවැත්වීය. ඇඟලුම් සේවිකාවන් 435ක් වැඩසටහනට සහාභාගීවු අතර දෙවන වැඩසටහන ද අගෝස්තු මස 02 දින එම පලාතේම ජියෝජි ඇපරල් ආයතනයේදී පැවැත්විය. එම වැඩසටහනටද කාන්තාවන් 375 ක් සහාභාගී වූ අතර ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා මධ්‍යම පලාත් ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ දොස්තර ආර්. එම්. වීරසේකර මහත්මිය සහාභාගී වූවාය.

 

වැඩ සටහන් සංවිධානය කිරීමේදී හගුරන්කෙත මහජන සෙඛ්‍ය පරික්ෂක තුමාගේ සහායෝගය කාන්තා ක්‍රියාකාරි කන්ඩායමට හිමිවිය. කාන්තා. ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවන් කිහිප දෙනෙකුම වැඩමුලූව සංවිධානය කිරීමෙහිලා දායක වූහ.”

 

  2000 වසරේ සංවේදිනි 2වැනි කලාපයෙන් උපුටාගැනීමකි.

වැඩමුළු ගැන සංවේදීනි සඟරාවේ පළ වූ සටහන

සටහන- මෙහි සිංහල සටහනේ පමණක් හගුරන්කෙත ජියෝජි ඇපරල් ආයතනයේදී පැවැත්වූ කාන්තාවන් 375 ක් සහභාගි වූ වැඩමුළුවක් ගැන සඳහන් වේ. එය ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ලිවූ සටහන් තුළ නැත. 

 

English Text

 

“AWARENESS WORK SHOP ON HIV/ AIDS FOR FEMALE FACTORY WORKERS

 

The Women’s Support Group of Companions on a Journey has launched a series of workshops to educate women on sexual health.

 

The first workshop of the series was held on 22nd July at Diyatilleke Apparels, Haguranketha. 435 Female workers participated in the programme while the theme lecture was delivered by Dr. (Mrs.) R.M. Weerasekera of the STD Clinic, Central Province.

 

The Group was ably assisted by Mr. Subha Wickremasinghe, Public Health Inspector of Hanguranketha in organising the event. Several members of the Women’s Support Group contributed towards its success.

 

Sangwedini, 2nd issue. Year 2000″

Scroll to Top