සංවේදිනි සඟරාව (2000- 2011)

සංවේදිනී පුවත්ලිපියේ පළමු කලාපය නිකුත් වන්නේ 2000 අප්‍රේල් මාසයේ හෝ මාර්තු මස අග විය යුතුය. මෙම පුවත්ලිපියේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ ක්‍රියාකාරකම්, සහභාගි වූ හෝ සංවිධානය කළ විවිධ රැස්වීම්, වැඩමුලු, ක්‍රීඩා තරග, උද්දේශන කටයුතු, කවි වැනි නිර්මාණශීලි ලිවීම්, LGBT අයිතිවාසිකම් සම්බන්ධ ලිපි, පර්යේෂණ තොරතුරු, අයිතිවාසිකම් කඩවීම් ගැන සිදුවීම් වැනි පුළුල් පරාසයක දෑ පල විය. 

 

වසරකට පුවත්ලිපි දෙකක් ලෙස සමහර අවුරුදුවල නිකුත් කර ඇතත් තවත් සමහර අවුරුදුවල වසරකට පුවත්ලිපි එකක් පමණක්‌ නිකුත් කර ඇත. තවත් සමහර අවුරුදුවල පුවත්ලිපිය පල වී නැත. අවසන් කලාපයේ දී වසර දෙකක් සඳහා එක් කලාපයක් පමණක් පල කර තිබේ. අපගේ එකතුව සතුව සම්පූර්ණ කලාප 14ක් ඇති අතර, කලාප අංක නම් කිරීමේදී ඇති අත්වැරැදීම් නිසා නිශ්චිතව කිව නොහැකි නමුත් අප සතුව නොමැති තවත් පුවත්ලිපියක් 2005 වර්ෂය සඳහා තිබිය හැකි බව කලාප අංකය පිරික්සීමේ දී අපට අනුමාන කළ හැකිය. වසරකට කලාප දෙකක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති නමුත් විවිධ ප්‍රායෝගික හේතු මත එය සිදු කිරීමට සමහර අවුරුදුවල නොහැකි වී ඇති බව මෙහි දී පෙනේ. 

 

මෙය බෙදා හැර ඇත්තේ තෝරා ගත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් හෝ සංවිධාන ජාල අතර පමණක්‌ වෙන අතර, එබැවින් පුළුල් ලෙස බෙදා හරින ලද, ලියාපදිංචි කළ සඟරාවක් නොවේ. 

 

එසේ වූවද කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ ක්‍රියාකාරකම් ගැන දැන ගැනීමට ඇති වඩාත්ම ක්‍රමානුකූලව තොරතුරු සහිත සම්පත නම් මේ පුවත්ලිපි වේ.  

වසර අප සතුව ඇති කලාප ගණන අප සතුව නැති කලාප ගණන
2000 2
2001 0
2002 1
2003 2
2004 2
2005 1 1
2006 1
2007 2
2008 2
2009 0
2010/2011 1
මුළු සඟරා ගණන 14 1

සංවේදීනි සඟරාවේ කලාප ගණන

Scroll to Top