පුවත්පත් මණ්ඩලයට සහ ද අයිලන්ඩ් පුවත්පතේ සංස්කාරක මණ්ඩලයට පළවූ ලිපිය ගැන පැමිණිලි කෙරේ.

1999 අගෝස්තු 24 දින ගමන්මගේ සහකරුවෝ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ෂර්මන් ද රෝස් ද අයිලන්ඩ් පුවත්පතේ ලෙස්බියන් සමුළුවට එරෙහිව පල කළ වෛරී පාඨක ලිපියට එරෙහිව පළමුව එහි සංස්කාරක මණ්ඩලයට පැමිණිලි කරන අතර, එම ලිපියේ පිටපතක් එම පුවත්පතේ අයිතිකාරිනියගේ අවධානයටද යොමු කරනවා. 

 

එයින් අනතුරුව ඔහු එදිනම ද අයිලන්ඩ් පුවත්පතට සහ එය අයිති සී/ස උපාලි ප්‍රවෘත්ති පත්‍ර පුද්ගලික සමාගමට එරෙහිව පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළේ පුවත්පත විසින් පළ කළ. එම ලිපියෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධී වරදක් වන ස්ත්‍රී දූෂණය සිදු කරන්නට ඉල්ලා සිටින බැවින් එය පල කිරීමෙන් පුවත්පත් ආයතනය වරදක් කළ බවට ද චෝදනා කරමිනුයි. ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පුවත්පත් මණ්ඩලය විසින් ආරම්භ කළා.

ෂර්මන් ද රෝස් ද අයිලන්ඩ් පුවත්පතේ සංස්කාරක වෙත ලියූ ලිපිය
Scroll to Top