
WSG විසින් LBT පුද්ගලයන් මුහුණ දෙන ප්රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීම් පිළිබඳ රටවල් 5 ක ක්රියාකාරී පර්යේෂණයේ ශ්රී ලංකා පරිච්ඡේදය වන Not Gonna Take It Lying Down නමින් ඉංග්රීසියෙන් ද ‘ශ්රී ලංකාවේ ස්ත්රී සමලිංගික, ද්විලිංගික, සහ ට්රාන්ස් පුද්ගලයන් ප්රකාශ කරන පරිදි වෙනස් කොට සැලකීම සහ හිංසනය පිළිබඳ අත්දැකීම්‘ නමින් සිංහලෙන් ද 2014 මාර්තු මාසයේ දී ප්රකාශයට පත් කළා. වාර්තාව සිංහල සහ දෙමළ භාෂාවලට ද පරිවර්තනය කෙරුනා.
“මට මතකයි පිරිමි දෙන්නෙක් මාව උරහිසින් තද කරලා අල්ලා ගෙන, බිත්තියකට තද කර ගෙන බඩට තදින් ගැහුවා. මම කොහොම හරි ඒගොල්ලන්ගෙන් බේරිලා එක්කෙනෙකුගේ මූණට ගහලා එයාගෙ තොල පැලුවා. ඊට පස්සෙ තමයි ඒ අය මාව දාලා ගියේ. ‘ආ එයා නම් නිකම්ම පරාජය බාර ගන්න කෙනෙක් නෙවෙයි‘ කියමින්… මා පෙරළා සටන් කරන බව ඒගොල්ලො දැන ගත්තට පස්සෙ මාව දාලා, ත්රීවීල් එකකට නැගලා පැනලා ගියා” යැයි පැවසුවාය.
වාර්තාවේ මුල් පිටුවේ සඳහන් උපුටනක්