
ගමන්මගේ සහකරුවෝ ආයතනයට අන්‍රබද්ධව කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම පිහිටවනු ලැබුවා. කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම පටන්ගත් කාලයේ ආයතනයේ නම ලෙස සිංහලෙන් පාවිච්චි කර ඇත්තේ “ගමන් මඟෙහි සහකරුවෝ, කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම” යනුවෙනි.
මෙය කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම පටන්ගත් කාලයේ පාවිච්චියට ගත් ලිපි සිරැසියකි (ලෙටර්හෙඩ් එකකි). මෙහි ආයතනයේ නම ලෙස සිංහලෙන් පාවිච්චි කර ඇත්තේ “ගමන් මඟෙහි සහකරුවෝ, කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම” යනුවෙනි.
මෙහි ඊමේල් ලිපිනය ලෙස භාවිතා කරන්නේ ගමන් මගේ සහකරුවෝ ආයතනයේ ඊමේල් ලිපිනයයි. මෙහි සඳහන් වන කොළඹ 5 උද්‍යාන මාවතේ ලිපිනය සහ මහනුවර පිහිටි ලිපිනය ගමන්මගේ සහකරුවෝ ආයතනයේ ලිපිනයි. මෙයින් පෙනෙන්නේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම කොළඹ මෙන්ම COJ ආයතනයේ මහනුවර ශාඛාව හරහා ද සම්බන්ධ කළ හැකි වූ බවයි.