ILGA Asia පැවැත්වූ පළමු කලාපීය සමුළුව

ඔක්තෝබර් 11-13 දිනවල, අන්තර්ජාතික ලෙස්බියන් සහ සමරිසි සංගමයේ ආසියානු කලාපය (ILGA Asia) විසින් පැවැත්වූ පළමු කලාපීය සමුළුව ඉන්දියාවේ, මුම්බායි නගරයේ දී  පැවැත්වුනා. මුම්බායි නගරය පදනම්ව වැඩ කරන ILGA සංගමයේ සාමාජික සංවිධාන වන හම්සෆා පදනම (HUMSAFAR TRUST) සහ ආන්චල් (AANCHAL) මෙම සමුළුව සංවිධානය කළ අතර, ආසියානු කලාපයේ විවිධ රටවල විවිධ සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරීන් 80කට වැඩි ගණනක් මෙයට සහභාගි වුනා.

WSG ආයතනය විසින් මෙහිදී (අ) ශ්‍රී ලංකාවේ ලෙස්බියන් සියදිවි නසා ගැනීම්, (ආ) බාලවයස් සමකාමිනියන්: මේ සඳහා ගත හැකි විසඳුම් කවරේද?, (ඇ) ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති පුද්ගලයන් මුහුණ දෙන අභියෝග යන මාතෘකා යටතේ ඉදිරිපත් කිරීම් තුනක් ද සිදු කළා. මෙයින් පළමු මාතෘකා දෙකට අදාළ ලිපි 2002 වසරේ සංවේදිනී සඟරාවේ ද පළවුනා.

Scroll to Top