
2003 නොවැ 28 සහ 29 දෙදින දී, අනුරාධපුර දිස්තික්කයේ කැකිරාවේ දී “කාන්තා ලිංගික සෞඛ්‍යය සහ ලිංගිකත්වය” යන මැයෙන් එම දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා වැඩමුළුවක් පැවැත්වුනා. සම්පත් දායකයන් ලෙස WSG ආයතනයේ පස් දෙනෙකු සහ වෙනත් ප්‍රජා සංවිධානයකින් ලිංගික සෞඛ්‍යය ගැන සම්පත් දායකයකු සහ ස්වේච්ඡා සේවකයකු මෙයට සහභාගි වුනා. වයස අවුරුදු විසි ගණන්වල සිටින තරුණ කාන්තාවන් බහුතරයක් සහභාගි වූ මේ වැඩමුළුවට 25 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වුනා. මෙහි දී ‘ලිංගික සෞඛ්‍යය’, ‘ලිංග භේදය, සමාජභාවය, සහ ලිංගිකත්වය’ සහ ‘කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම’ ගැන සැසි පවත්වනු ලැබූ අතර, වැඩමුළුවට සහභාගි වු අය තමන්ගේ ගම්වල තමන් දැන සිටි, තමන් මෙතෙක් ‘අස්වාභාවික’ යැයි සිතා ගෙන සිටි සමලිංගික පුද්ගලයන් ගැන තොරතුරු ගැන ද කතා කළා. වැඩමුළුවට සහභාගි වූ ඇතැම් අය කියා සිටියේ සමලිංගිකත්වය, සහ ලිංගිකත්වය ගැන තමන්ගේ අදහස් මේ වැඩමුළුව හරහා වෙනස් වූ බවයි.