
2003 නොවැ 11-18 දිනවල, පිලිපීනයේ මැනිලා නගරයේ දී “වෙනස් කොට සැලකීම දරා ගැනීම සහ අප සැමරීම” යන තේමාව යටතේ පැවැති 22 වැනි ලෝක ILGA සමුළුවට WSG ආයතනයෙන් ක්රියාකාරීනියන් දෙදෙනෙක් සහභාගි වුනා. පෙර සැසියක දී ශ්රී ලංකාවේ සංක්රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ තත්වය ගැන ඉදිරිපත් කිරීමක් ද ඔවුන් සිදු කර තිබෙනවා. ලෝක සමුළුවේ විවිධ සාකච්ඡා මණ්ඩල, ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා ගණනක් තිබී ඇති අතර, පිරිමි සහ වෙනස් කොට සැලකීම, සංක්රාන්ති පුද්ගලයන්ගේ ගැටළු, LGBT තරුණ අය සහ වෙනස් කොට සැලකීම, බ්රසීලියානු ප්රඥප්තිය ආදී මාතෘකා ගණනක් ගැන මෙහිදී කතා බහ වී තිබෙනවා. මෙම සමුළුවේ දී WSG හි සම්බන්ධීකාරක ලෙස කටයුුතු කළ රොසෑනා ෆ්ලෙමර් කල්දේරා ILGA හි සම-මහ ලේකම් තනතුරට ඒකමතිකව තේරී පත්වී තිබෙනවා. මීට පෙර 2001 වසරේ දී ඇය ILGA හි දකුණු ආසියානු කාන්තා නියෝජිතවරිය ලෙස ද පත්වී තිබෙනවා.
සංවේදීනි කලාපය 06, 2004
https://web.archive.org/web/20070320072206/http://www.wsglanka.com/scripts/events.html